මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්රහාරයක් එල්ල වී ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ නමුත් නාරාහේන්පිට ප්රධාන කාර්යාලය මඟින් සිදු වන මහජන සේවා සඳහා මෙන්ම දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතුවලට මේ හරහා බාධාවක් සිදු ව නොමැති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.



