හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය කෙරෙන රජයේ වියදම 2024 වසරේ පැවති රුපියල් මිලියන 110.51 සිට 2026 වසරේදී රුපියල් මිලියන 4.39 දක්වා අඩු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීම හරහා මෙම වියදම් අඩු කර ගැනීමට හැකියාව ලැබුණු බවයි ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරුන්ට 2024 වසරේ සහ අදාළ පනත සංශෝධනය කිරීමෙන් අනතුරුව වියදම් සිදු ව ඇති ආකාරය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළා.
* හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - රු. මිලියන 13.69 (2024) / එය රු. මිලියන 0.88 (2026) දක්වා අඩු කෙරේ.
* හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස - රු. මිලියන 3.04 (2024) / 2026 සිට කිසිදු මුදලක් වියදම් නොකෙරේ.
* හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - රු. මිලියන 61.66 (2024) / එය රු. මිලියන 0.88 (2026) දක්වා අඩු කෙරේ.
* හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - රු. මිලියන 18.57 (2024) / එය රු. මිලියන 0.88 (2026) දක්වා අඩු කෙරේ.
* හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ - රු. මිලියන 11.02 (2024) / එය රු. මිලියන 0.88 (2026) දක්වා අඩු කෙරේ.
* හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ - රු. මිලියන 2.53 (2024) / එය රු. මිලියන 0.88 (2026) දක්වා අඩු කෙරේ.



