Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පසුගිය 20 වැනිදා පස්වරුවේ බොරැල්ල පොලිස් වසමේ කනත්ත වටරවුම ආසන්නයේ, රේමන්ඩ් මල් ශාලාව අසල පදික මාරුවේදී සිදු වූ බව කියන බහින්බස් වීමක් සහ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා වූ සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී පදිකයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී, රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට පැමිණි රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් පදික මාරුව අසල නවතා තිබී ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී රියැදුරු විසින් නළාව නාද කිරීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකින් පසු පහර දීමක් සිදු වූ බවට මාලබේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී ඇති අතර, ඒ අනුව සිදු කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් AI (කෘත්‍රිම බුද්ධි) තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර ඇති අතර, පැමිණිල්ල සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, සිද්ධියට අදාළ 37 හැවිරිදි සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔහු අද අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.