ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඩබ්ලිව්. වී. ගිනිගේ පත් කර ඇති අතර, පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කේ. ආර්. ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයට මාරු කර යැවීමට පියවර ගෙන ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරු කර යවා ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාසයට මාරු කර යවා ඇති අතර, පොලිස් සුබසාධන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



