පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ මිලදී ගන්නා වෙළෙඳසැලක අද (21) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ තුනක් සහ කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථයක් ද එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.
ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත්, වෙළෙඳසැලට සහ එහි තිබූ භාණ්ඩවලට අලාභහානි සිදුව ඇති බවත් පොලීසිය පවසා සිටි අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි දැක්වෙන්නේ.



