Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳපොළෙන් ලබාගත් බූන්දි සාම්පල 16කින් 13කම හානිකර රසායනිකයන් අඩංගු වී තිබුණු බව තහවුරු වී තිබෙනවා.

මෙම හානිකර රසායනික අඩංගු බූන්දි අලෙවි කළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න කියා සිටියේ.

එසේම, ආනයනික අයිස් ක්‍රීම්, කිරි තේ හා සිරප් වර්ගවල ද ක්ෂුද්‍රජීවි සීමාවන් ඉක්මවා තිබුණු සාම්පල 21 ක් කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකර තිබෙන අතර, ඊට අදාළ වාර්තා ද මේ වන විට ලැබී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒවාට ද ප්‍රමිති සහතිකය අනිවාර්යය කිරීමට එම සමාගම් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න සඳහන් කර සිටියේ.