Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබුණු අතර, එහි තීන්දුව අධිකරණය විසින් කතානායකවරයාට එවා තිබෙනවා.

ඒ අනුව, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී  නිවේදනය කළේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩ බලන නීතිපතිවරයා විසින් කාරක සභා අවස්ථාවේදී එකඟ වූ සංශෝධන සහ අධිකරණය විසින් නියම කරන ලද සංශෝධනවලට යටත්ව, අදාළ කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා කියා සිටියේ.