Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2027 අයවැය මගින් ගුරු, විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින්, ලබන 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

2027 අයවැය මගින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ ගැටලු නොසලකා හැර ඇති බවත්, මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති නමුත්, මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ.

ඒ අනුව, ලබන නොවැම්බර් 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින්, එක්දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සඳහන්. 

දිවයින පුරා පාසල් 10,110කට අයත් ගුරුවරුන් 250,000කට ආසන්න පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පවසා සිටියේ.