Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, එය අද සිට දෙසැම්බර් 14 වැනි දින දක්වා දින 19 ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතයි.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි දැක්වෙන්නේ.

2027 අයවැය දෙවැනිවර කියවීම ඊයේ (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97 කින් සම්මත වූ අතර, එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 157 ක් හා විපක්ෂව ඡන්ද 60 ක් හිමිවුණා.