Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මූල්‍ය විනය සහ නිසි කළමනාකරණය තුළින් ආර්ථිකය ස්ථාවර කර, තවදුරටත් කඩා වැටීම වළක්වා ගැනීමට වත්මන් රජයට හැකි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

2024 වසරට සාපේක්ෂව 2025 සහ 2026 වසරවල අපනයන ආදායම වර්ධනය වී ඇති බවත්, 2027 දී එය තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

දූෂණ, වංචා සහ නාස්තියෙන් තොර පාලනයක් ඇති කිරීමේ පොරොන්දුව යටතේ, තමන් විසින් වරප්‍රසාද ලබා ගෙන නොමැති බව ද එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ලෑන්ඩ් කෲසර් වාහනය, රියදුරෙකු පත් කිරීමේ අයිතිය හා, ලීටර් 300 ක ඉන්ධන දීමනාව ආදිය ලබා නොගැනීම සහ පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව හරහා තමාට වරප්‍රසාද වශයෙන් හිමි වූ රුපියල් ලක්ෂ 88කට ආසන්න මුදලක් තමා භාණ්ඩාගාරයට ඉතිරි කිරීමට සමත් වූ බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.