ආණ්ඩුවට ‘පොඩි මිනිසුන්’ යැයි කියන විපක්ෂයේ පුද්ගලයෙකු විසින් ‘උස පුටු’ බෙදා දී ඇති ආකාරයක් පසුගියදා තමන් සමාජ මාධ්‍යවලින් දුටු බව අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බවත්, දක්ෂ කණ්ඩායමක් ද නොමැති බවටත් විපක්ෂය විසින් චෝදනා කළ ද, යහපාලන ආණ්ඩුව පැමිණ ඉදිරිපත් කළ අයවැයෙන් ලබා දුන් පොරොන්දු කීයක් ඉටු කළාදැයි තමා විමසා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ආණ්ඩුවක් අලුතින් පිහිට වූ පසුව, වැඩ ආරම්භ කර, එය කරගෙන යෑමට යම් කාලයක් ගත වන බවත්, නිලධාරීන් හඳුනා ගෙන, වගකීම් තේරුම් ගෙන, එම ගමන යෑම සඳහා කාලයක් ගත වන අතර, විපක්ෂයේ පිරිස් ද එය දන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එලෙස තිබියදී විපක්ෂය විසින් අසාධාරණ ලෙස හා දුෂ්ට ලෙස ආණ්ඩුවට චෝදනා එල්ල කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



