Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

යාපනය මහ නගර සභා බල ප්‍රදේශයේ විවෘතව කැලිකසල දහනය කිරීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව එම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද (20) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

යාපනයේ සිදුවන වායු දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන වලට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වෛද්‍ය උමාසුකී නඩරාජා විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව දැනුම් දෙනු ලැබුවා‍.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී යාපනය නගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.එම්. ගනේෂරාජා කියා සිටියේ යාපනය ප්‍රදේශයේ එකතු වන කැලිකසල දහනය කෙරෙන ආකාරය පිලිබදව විශේෂ වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පරිසර පනතේ විධිවිධාන අනුව, විවෘතව කැලිකසල දහනය කිරීම වරදක් වන බවත්, එම විධිවිධාන යටතට යාපනය මහනගර සභාව අයත් වනවා ද යන කරුණ පිළිබඳව අධ්‍යයනය කර, ඉදිරියේ දී අධිකරණයට දැනුම් දීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩු කටයුත්ත නැවත පෙබරවාරි මස 03 වැනිදා කැඳවීමට නියම කළ අතර, එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.