Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉතාම වේගයෙන් වත්මන් ආණ්ඩුවේ ජන පදනම දිය වෙමින් පවතින බවත්, එය කාටත් වඩා හොඳට වත්මන් ආණ්ඩුව දන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

2024 වසරේ නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ආණ්ඩුව 61.56% ක දැවැන්ත ඡන්ද පදනමක් ලබාගත් බවත්, නමුත් ඉන් මාස කිහිපයකට පසු පැවති පළාත් පාලන මැතිවරණයේදී එම ඡන්ද පදනම 43% ක් දක්වා පහත වැටුණු බවයි අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

2024 මහ ඡන්දයේදී මාලිමාවට ඡන්දය දුන් මිනිසුන් ලක්ෂ 23 ක් මාස හයකින් ආණ්ඩුව අතහැර ගිය අතර, ඉන් පසුව සිදු වූ දේවල් නිසා ඊටත් වඩා වේගයෙන් ජනතාව ආණ්ඩුවෙන් ඈත් වෙමින් ඇති බවත්, ඒ හේතුවෙන් ආණ්ඩුව විසින් දැන් ප්‍රතිවාදියා මර්දනය කිරීමට පටන් ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ශක්තිමත් ප්‍රතිවාදීන්ගෙන් තොර දේශපාලන සටන් භූමියක් වෙත ආණ්ඩුව ගමන් කරමින් ඇති බව ද, විපක්ෂ ක්‍රියාකාරීන් සාමූහික ලෙස මෙය තේරුම් ගෙන එයට එරෙහි නොවුණහොත්, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇති දේශපාලන අවකාශය ගිලිහී යන බව ද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉතාම ශක්තිමත්ව, මානසිකව බිඳ වැටීමකින් තොරව, ඔහුගේ අනුගාමිකයන් ද මානසිකව බිඳ නොවට්ටා, ඉතාම ශක්තිමත් ආකාරයෙන්, පවතින අභියෝගයට සිනා මුසුව මුහුණ දෙමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.