Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන්, මස්කෙළිය ශාන්ත ජෝසප් ජාතික විද්‍යාලයේ සිසුන් 36 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන් 96 දෙනෙකු අද (20) උදෑසන ආහාරය ගැනීමෙන් අනතුරුව පන්ති කාමරවල රැඳී සිටියදී මෙම හුස්ම ගැනීමේ අපහසුතාව හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

රෝහල්ගත කළ සිසුන් අතරින් 30 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇති බවත්, අනෙකුත් සිසුන් හයදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන්.