Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සත්‍ය වශයෙන්ම වෙනසක් ඇති කරනු ඇති බවට වන බලාපොරොත්තුවෙන්, Gen Z පරම්පරාව හා Millennials පරම්පරාවේ තරුණ පිරිස් පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේග ආණ්ඩුවට ඡන්දය ලබා දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා.

එම මැතිවරණයේදී ඉදිරිපත් කළ සටන් පාඨ පිටුපස ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් හෝ යාන්ත්‍රණයක් නොමැති බව නොදැන ඔවුන් ඒවා විශ්වාස කළ බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේම, වාහන ආනයනය විවෘත කළ පසු ගතවුණු අවුරුදු එක හමාරක් දෙකක් ඇතුළත, වැඩිම අති සුඛෝපභෝගී වාහන ප්‍රමාණයක් ලංකාවට ආනයනය කළේ වත්මන් ආණ්ඩුව යටතේ බව ද, වාහන 1,737 ක් එලෙස ගෙන්වා ඇති බව ද ඔහු සඳහන් කළා.

එයින් ඇතැම් ඒවාට 15% ක බදු සහන ද ලබා දී ඇති බවත්, Rolls-Royce Cullinan SUV, Ferrari, Porsche, Lamborghini ආදිය මෙලෙස ගෙන්වූ වාහන අතරට අයත් බවත් ඔහු දක්වා සිටියා.

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ ජනප්‍රිය සටන් පාඨයක් වන්නේ "කුසට සා ගිනි, හදට සෝ ගිනි, ඉනට වැරහැලි කැබලි එල්ලා, නැගිටපල්ලා නැගිටපල්ලා" යන්න බවත්, අද එය ප්‍රකාශ කිරීමට සිදු වන්නේ "කුසට සා ගිනි, හදට සෝ ගිනි, පැලවත්තට ලැම්බෝගිනි, මේ රටේ ජනතාවට බඩගිනි" යනුවෙන් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.