රටේ මූල්‍ය විනය ගොඩනැඟීමට නම්, රටේ ආණ්ඩුවට විනයක් තිබිය යුතු අතර, ආණ්ඩුවට විනය පැමිණ ඇත්තේ ජාතික ජන බලවේගය නමැති පක්ෂයේ ඇති විනය හේතුවෙන් බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
වෙනත් ආණ්ඩුවක් පැමිණ මාස 25 ක් රට පාලනය කිරීමට කටයුතු කළේ නම් සංකල්ප 25 ක් පැමිණෙනු ඇති බවත්, වත්මන් රජයට ඇත්තේ එක වැඩසටහනක් වන බවත්, එම වැඩසටහන වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ආණ්ඩුව ගමන් කරමින් ඇත්තේ ප්‍රතිසංස්කරණවල සිට පරිවර්තනයක් වෙනුවෙන් බව ද, රජයට ඇති ලොකුම බලය වන්නේ ජනාධිපති බලය, විධායක බලය, පාර්ලිමේන්තු බලයටත් වඩා මහජන බලය බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
රජය විසින්, ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කර ඇති අතර, එහි යම් යම් ප්රතිලාභ ලැබුණ ද, ඒවා අංග සම්පූර්ණ නොමැති බවත්, ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිලාභවලට එහා ගොස් පරිවර්තනයකින් ලැබෙන ස්ථිරසාර විසඳුම් වෙනුවෙන් එක් වන ලෙසට ජනතාවට ආරාධනා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
වත්මන් ආණ්ඩුවට ලබාදුන් වගකීම ගමනක් යැයි සිතුවහොත්, ජනතාව විසින් ආණ්ඩුව කොළඹ සිට නුවරට යාමට ගමන ආරම්භ කළා යැයි සිතුවේ නම්, 2029 වසරේදී නුවරට ගොස්, 2029 වසරේ පැවැත්වෙන ඡන්දයෙන් නුවර සිට යාපනයට යන ගමන ද ආරම්භ කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



