ලබන මාසයේ දී මෙරට උද්ධමනය 9% ට හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
2026 වසරේ මැයි මාසය වන විට උද්ධමනය 7% ක මට්ටමකට අඩු වනු ඇති බවට අපේක්ෂා කළ ද, ජාත්‍යන්තර යුදමය තත්ත්වය දීර්ඝකාලීනව පැවතුණු බවයි අද මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
යුද තත්ත්වය හා තෙල් මිල ස්ථාවර වනු ඇති බවට බලාපොරොත්තු වුව ද, එය මෑතක් වන තුරුම ඉහළ මට්ටමක පැවති බව ද, උද්ධමනය ද බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ ගිය බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙම මාසයේදී 8.3%ක්ව පවතින උද්ධමනය, ලබන මාසය වන විට 9% හෝ, ඊට ඉහළ හෝ, ඊට ආසන්න මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



