Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා මූලික දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (19) දින දිවයින පුරා පාසල්වලදී ක්‍රියාත්මක කර තිබෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි අවබෝධයක් අධ්‍යාපන පද්ධතියේ සියලු පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත ලබා දීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම වැඩසටහන් මාලාවේ මීළඟ අදියර වශයෙන්, නොවැම්බර් මස 30 දින සිට දෙසැම්බර් 04 වැනි දින දක්වා දෙමව්පියන් දැනුවත් කිරීමේ සතියක් සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.