Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද (20) වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව, ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 190 හලාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, යාපනයෙන් 164 ක්, ත්‍රිකුණාමලයෙන් 161 ක්, මුලතිව්වලින් 160 ක්, කිලිනොච්චියෙන් 159 ක් සහ අනුරාධපුරයෙන් 156 ක් ලෙස වායු ගුණාත්මක දර්ශක අගයයන් වාර්තා වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින්, ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බවත්, අදාළ ප්‍රදේශවල ස්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN95 වර්ගයේ මුඛ ආවරණ පැලඳීම සුදුසු බවත් සඳහන්.

මේ අතර, ඇල්ල ප්‍රදේශයෙන් 119 ක්, අක්කරේපත්තුවෙන් 131 ක්, මන්නාරමෙන් 132 ක්, බත්තරමුල්ලෙන් 131 ක්, රත්නපුරයෙන් 126 ක් සහ මහනුවරින් 127 ක් ලෙස වායු ගුණාත්මක දර්ශක අගයයන් වාර්තා වී ඇති අතර, එය සුළු වශයෙන් අහිතකර මට්ටමට අයත් වන බවයි දැක්වෙන්නේ.