වත්මන් ආණ්ඩුව විසින් අයවැය තුළින් රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට උත්සාහ කරන විට, විපක්ෂය විසින් සිදු කරන්නේ සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් ‘සාවද්‍ය පරාවර්තනයක්’ සිදු කිරීම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසනවා.
2025 වසරේදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණු බවත්, වත්මන් ආණ්ඩුවට ලබා දුන්නේ ස්ථාවර රටක් බවට විපක්ෂය විසින් ප්‍රකාශ කළ ද, සිදු වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටි කාලයේ ආර්ථික ක්‍රියාවලියක් සිදු නොවීම බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ ආර්ථිකය හැකිලීමට ලක් කර, ආර්ථිකය ‘ගල් කිරීම’ බව ද, නමුත් මේ වන විට ආර්ථිකය ක්‍රියාකාරී මට්ටමක ගෙන යමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවට සෑම විටම ඉදිරිපත් කරනු ලැබුවේ ‘ණයවැයක්’ වන අතර, පළමු වතාවට වත්මන් රජය විසින් ‘අයවැයක්’ ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රට අවුරුදු 22කින් තරුණ කර ඇති බවත්, දැන් 2048 වසර වන තුරු බලා සිටිය යුතු නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



