තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow අද (20) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එළැඹෙන 23 වැනි දින දක්වා සිදු කෙරෙන මෙම සංචාරයේදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට (21) මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කමට සහභාගි වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස ඔහු එම පින්කමට එක් වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම සංචාරය අතරතුරදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වීමට ද නියමිතයි.



