රුසියාවේදී අත්අඩංගුවට පත් වූ, මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'රොටුඹ අමිල' නමැත්තා අද (20) දිවයිනට රැගෙන විත් තිබෙනවා.
මොහු දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව ගොස් තිබුණු බවයි සඳහන් වන්නේ.
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මොහු අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.



