දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කළා.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.



