2025 වසරේදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ, කලා ඔය ප්‍රදේශයේදී ආපදාවට පත් මගී බස් රථයක සිර වී සිටි පුද්ගලයින් 69 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට දායක වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර හා ජාතික ජීවිතාරක්ෂක පදක්කම් පිරිනමා තිබෙනවා.
ඔවුන් වෙත පොදුරාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක සේවා පදක්කම සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක වීර පදක්කම මෙන්ම ඊට අදාළ සහතිකපත් ද ඊයේ (19) දිනයේ දී පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය පොදුරාජ්‍ය මණ්ඩලීය රාජකීය ජීවිතාරක්ෂක සංගමය සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ව සංවිධානය කර තිබුණා.
එහිදී නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අනුයුක්ත සමූහ ප්‍රධාන සුළු නිලධාරී එස්.ඒ.ඊ.එල්. සෙනෙවිරත්න, නායක නැවි බී.කේ.ඒ. ප්‍රසාද් සහ බල නැවි එස්.ටී.ඩී. අබේරත්න යන නිලධාරීන් වෙත මෙම පදක්කම් සහ සහතිකපත් පිරිනමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



