මෙවර අයවැයෙන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද (20) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.
රජයේ විධායක නිලධාරී ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20 ක් මෙම වැඩ වර්ජනය සඳහා එක් වන බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි සඳහන් කළේ.
ආණ්ඩුව විසින්, තෝරා ගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා ඉහළ නැංවීමක් කර ඇති අතර, සමාන්තර සේවාවන් 20කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම නොසලකා හැරීමක් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



