නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ඖෂධ, බීජ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) අලුයම කටුනායක පොලිස් වසමේ BOI ආලෝක සංඥා හන්දිය ආසන්නයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා ඖෂධ, බීජ සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන ඇති අතර, සැකකරු මෝටර් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරු සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපොළ පොලිසිය විසින් කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



