යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පත් කළ යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් ඒ බව දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අනුරාධපුර පූජා භූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල් කඩක් බවත්, එහි බෞද්ධ උරුමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් මෙහිදී මහා නායක හිමිවරුන් අවධාරණය කර තිබෙනවා.
පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර, අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සහ ප්‍රවාහන කටයුතු වැනි පහසුකම් සැලසීම ද මෙහිදී සාකච්ඡාවට ලක් ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



