ශ්‍රී ලංකා මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර පැවති 8.75% ක අනුපාතය 9% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
ඊයේ (19) රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.



