2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදු කර ගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, නොවැම්බර් 30 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ සංශෝධන සිදු කර ගත හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධන ඇත්නම්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් ද, පෞද්ගලික අයදුම්කරුවන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද අදාළ සංශෝධන සිදු කර ගත හැකියි.
එහිදී, නම, ලිපිනය, විෂය, විභාග මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරුවල සංශෝධන සිදු කර ගැනීමට හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
සංශෝධන සඳහා ලබා දී ඇති කාලසීමාව නැවත දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.



