Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාර්ලිමේන්තුව අද (20) දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා.

ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය පසුගිය 12 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවන වර කියවීමේ විවාදය 13 වැනි දින සිට ආරම්භ කරනු ලැබුවා.

අද, අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හත්වැනි දිනය වන අතර, අද පස්වරු 6.00 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනි දින සිට දෙසැම්බර් 14 වැනි දින දක්වා දින 19 ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතයි.