එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු අධි චෝදනා පත්‍ර භාරදීම අද (19) සිදුවුණා.
ඉන් අනතුරුව, විත්තිකාර නාමල් රාජපක්ෂට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි විනිසුරු මඩුල්ල නියම කර සිටියේ.
ඉන් පසුව මෙම නඩුව දෙසැම්බර් 02 වැනිදා නැවත කැඳවීමට ද නියම කර තිබෙනවා.



