2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය මඟින් අද (19) මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණු සැකකරුවන් නව දෙනා අතුරින් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්රභාකරන් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
2008 ජුනි 19 වැනි දින, එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි EPDP සාමාජිකයන් පිරිසක් විසින්, සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර, මළසිරුර වළ දමා, ඒ මත කෙසෙල් පැළයක් ද සිටුවා තිබුණු බව අධිකරණයේදී අනාවරණය වී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය මඟින් EPDP සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර, මූලික මහේස්ත්රාත් නඩු විභාගයෙන් අනතුරුව 2016 වර්ෂයේදී මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමු කෙරුණා.
දීර්ඝ නඩු විභාගයකින් පසු, අදාළ චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් අට දෙනාට අද මෙලෙස මරණ දඬුවම ප්රකාශයට පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



