සිනමා කර්මාන්තයේ මෙතෙක් නොවිසඳී පැවති විශාල ගැටළුවක් 2027 ජාතික අයවැය යෝජනා මඟින් නිරාකරණය කර ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසනවා.
ඒ අනුව, චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායමෙන් නිෂ්පාදකවරයාට හිමි කොටස ඔහු වෙත නිදහස් කර ගැනීමට බාධාවක්ව පැවති ප්‍රවේශපත්‍ර මිලට අදාළ එකතු කළ අගය මත බද්ද (VAT) ගැටළුවට සාධාරණ පිළිතුරක් මෙමගින් සපයා ඇති බවයි සඳහන් වන්නේ.
2024 වර්ෂයේ සිට සිනමා කර්මාන්තයට VAT බද්ද ක්‍රියාත්මක කිරීම නිසා, VAT සඳහා ලියාපදිංචි විය යුතු සීමාව මත ඉහත පාර්ශ්ව වෙත VAT බද්ද ලියාපදිංචි කිරීම, අය කිරීම, අය කළ බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම යන කරුණු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟී තිබූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ.
ප්‍රවේශ පත්‍රයෙන් පළාත් පාලන ආයතනවලට විනෝද බද්ද ලෙස වෙන් කරනු ලබන කොටස සඳහා VAT බද්ද නිදහස් කර ඇති බව ද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්.





