00:00 : මේ අයවැය ලේඛනය අධ්‍යයනය කරලා විපක්ෂයටත් පුළුවන් ඉගෙන ගන්න ඕනෙ නම්.
00:04 : ස්ථාවරත්වයක් හදාගන්න ඉස්සෙල්ලා, පොඩි ස්ථාවරත්වයක්. ස්ථාවරත්වය හදාගන්න බෑ පරිවර්තනයක් නොවී.
00:10 : ඒ හින්දා, ජාතික ජන බලවේගය දිහා බැලුවොත් මම හිතනවා ඔබතුමාලටත් රටේ අයටත් තේරෙනවා, මේ අපේ කණ්ඩායම කොච්චර පරිවර්තනීය ලක්ෂණ පෙන්නලා තියෙනවද කියලා.
00:19 : මේ අයවැය ලේඛනයට කරුණු ඉදිරිපත් කරන දිහා බැලුවම පේන්නේ විපක්ෂය පරිවර්තනය වෙලා නෑ. පරණ තැනමයි ඉන්නේ.
00:25 : සමහර තත්ත්වයන් ගත්තම, පරණ තැනටත් පහළින් ගිහිල්ලා, දුර්වලයි! ස්ථාවරත් නෑ, පරිවර්තනය වෙන්නෙත් නෑ.
00:32 : ඒ හින්දා මම විපක්ෂයටත් ආරාධනා කරනවා අයවැය ලේඛනය දිහා බලලා, ස්ථාවර වෙලා, පරිවර්තනය වෙන්න රටට ඕනේ විදියට.
00:38 : තාම අර පරණ විදියට මෙතන කෑ කොස්සන් ගහලා, සෙංකෝලය උස්සන් දුවන්න බලලා, මිරිස් කුඩු ගහලා, පරුෂ වචන කියලා, පරණ සම්ප්රදායේ තාම.
00:46 : අපි දකිනවා පරිවර්තනයක් වෙලා නෑ. පරිවර්තනය වෙලා නෑ කියන එක දැනුත් ඔප්පු කරනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නෑ.



