අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තොරතුරු තහවුරු කිරීමේ කටයුතු අද (17) දින සිට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
මෙහි අභියාචනා සහ විරෝධතා කැඳවීමේ කාල සීමාව නොවැම්බර් 15 දිනෙන් අවසන් වීම හේතුවෙන්, තොරතුරු යථාවත් කිරීමෙන් පසු ප්‍රසිද්ධ කරන ලද නව සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනයේ නම් සඳහන් පිරිස සඳහා මෙම අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ගිණුම් ආරම්භ කිරීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අද (17) දින සිට ප්‍රතිලාභියාට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් සිදු කරන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එසේම, එම ගිණුම විවෘත කළ යුත්තේ රාජ්‍ය බැංකුවක විය යුතු අතර, බැංකු ගිණුම විවෘත කිරීමෙන් පසු ප්‍රතිලාභීන් නැවත තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ, සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ ගිණුම් තොරතුරු යථාවත් කිරීම අනිවාර්ය වන බවයි සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.




