Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් ප්‍රාථමික ශේෂය තමයි මේකේ අවසාන ප්‍රතිඵලය. ඒ කියන්නේ, ආදායම එනවා, ඊටපස්සේ ණය සේවාකරණය හැරුණම අනිත් වියදම් කරනවා.

00:07 : එතකොට බිලියන 360 ක් ඉතුරු වෙන්න තිබුණා මේ අවුරුද්ද ඉවර වෙනකොට. හැබැයි ජනාධිපතිතුමා කියනවා බිලියන 1884 ක් ඉතුරුයි කියලා.

00:15 : කට්ටිය අත්පුඩි ගහනවා. ඒක තේරුමක් නෑනේ අත්පුඩි ගහන එක. මේ නොහැකියාවට ඇයි අත්පුඩි ගහන්නේ?

00:20 : ඉතින්, ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ, භාණ්ඩාගාරයට සල්ලි තිබ්බට, එව්වා බදු ගහලා බදු ගහලා මිනිස්සුන්ගෙන් ගත්තට, එව්වා කොහේ හරි තැනක තියන් ඉන්නවා -

00:28 : ඇඳ යට තියන් ඉන්නවා, භාණ්ඩාගාරයේ තියන් ඉන්නවා, වියදම් කරන්නේ නෑ - ජනතාවගේ අතට සල්ලි යන්නේ නෑ.

00:32 : කොච්චර දෙනෙක් හිරේ දැම්මත්, ලස්සනට කතා කළත්, අපිට හිනා වුණත්,

00:37 : ආර්ථිකය ශක්තිමත් කරන්නේ නැත්නම්, රැකියා නිර්මාණය කරන්නේ නැත්නම් අවසාන ප්‍රතිඵලය නෙගටිව් වෙනවා. ඒකට දැක්මක් ඕනේ, වැඩපිළිවෙළක් ඕනේ.