කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ධීවර සහ නාවික ප්‍රජාව වෙත අද (14) උදෑසන 5.30 සිට වලංගු වන පරිදි හදිසි රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය වයඹ දෙසට ගමන් කර නොවැම්බර් 15 වන දින පමණ වන විට 'පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඉන් අනතුරුව මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 16 වන දින පමණ වන විට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ දැඩි හැකියාවක් පවතින බව සඳහන්.
මේ නිසා 2026 නොවැම්බර් 14 වන දින උදෑසන 05:30 සිට නැවත දැනුම් දෙනතුරු, උතුරු අක්ෂාංශ 05-15 සහ නැගෙනහිර දේශාංශ 80-90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා.
එසේම, දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟා වන ලෙසට උපදෙස් ලබාදී තිබෙන අතර, මෙම කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.
අදාළ නිවේදනය පහතින්,




