00:00 : අපිත්, වර්තමාන ආණ්ඩුව ලෙස මේ රටේ ජනතාවට ගෙවල් හදලා දෙමින් ඉන්නවා.
00:04 : අපි බලාපොරොත්තු වෙනවා, ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ, අපේ පාලනයේ තව අවුරුදු තුනක් ඉස්සරහට යනකොට අපේ රටේ හැමෝටම ලස්සන හුරුබුහුටි ගෙයක් හදලා දෙන්න තමයි.
00:13 : මැටි ආශ්රිත ගෙවල් අවසන් කරගන්න අපි උත්සාහ ගන්නවා අපේ අවුරුදු පහක කාල සීමාව ඇතුළේ.
00:19 : ඉතින්, ලබන අවුරුද්දටත් මම හිතනවා මේ දොළොස් වෙනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා.
00:23 : අයවැය ලේඛනය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ වැඩසටහනට විශාල මුදලක් වෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
00:31 : මොකද අනිවාර්යයෙන්ම ලංකාවේ ලොකු මුදලක් වෙන් කරන වසරක් බවට පත් වෙනවා ලබන වසර. මේ දොළොස් වෙනිදා.
00:38 : ඉතින් ගොඩක් සහන දෙයි, ජනාධිපතිතුමාගෙම හඬින් ලබන දොළොස් වෙනිදා පාර්ලිමේන්තුවේදී අයවැය කියනකොටම අහමු.
00:45 : මොකද අපි කිව්වොත් ඒක වැඩක් නෑනේ නේද?



