Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බද්දේගම, වවුලගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන සිදු කර තිබුණු අතර, ඝාතනයට සහ ඊට ආධාර අනුබල දීමට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබුණු බවයි සඳහන් වන්නේ.

පොලිසිය විසින් හඳුනාගෙන ඇති සැකකරුවන් දෙදෙනා වන්නේ 50 හැවිරිදි ‘ලද්දු කෝලිත යසරත්න ද සොයිසා’ සහ 35 හැවිරිදි ‘වතුදුර බුද්ධි මදුසංක ගුණසිරි’ යන පුද්ගලයන් බව සඳහන්.

මෙම සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ 071-8591480 යන දුරකථන අංකයට හෝ බද්දේගම පොලිස් ස්ථානයේ 091-2292222 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.