Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

විදේශගත කරදෙන බවට පවසා මුදල් වංචා කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණය මග හරිමින් සිට ඇති අතර, ඇයට එරෙහිව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 12 ක් නිකුත් කර තිබුණු බවයි පොලිසිය සඳහන් කළේ.

රාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (04) රාත්‍රි කාලයේදී සිදුකළ වැටලීමකදී රාගම පොලිස් වසමේ හින්කෙන්ද ප්‍රදේශයේදී සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය 40 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වන්නේ.

එම සැකකාරිය අද (05) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.