Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදු කිරීමේදී වලංගු TIN අංක සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම, 2027 වසරේ අප්‍රේල් 01 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

TIN සහතික සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවට නිරීක්ෂණය වී තිබීම හේතුවෙන්, මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ද ඇතිව මෙම තීරණය ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් TIN අංකයක් සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ට තම TIN සහතිකය වඩාත් පහසු ක්‍රමවේදයන් ඔස්සේ ලබා ගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.