Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

Facebook සහ WhatsApp හරහා නොමනා ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි ගණනාවක් මත, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සමන්තුරය පොලිස් ස්ථානය මඟින් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

අදාළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සැඟවී සිටින ස්ථානයක් මෙතෙක් අනාවරණය වී නොමැති බැවින්, ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නොමැති බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් වෙතොත් ස්ථානාධිපති (සමන්තුරය පොලිස් ස්ථානය) 071-8591162 හෝ පොලිස් ස්ථානය (සමන්තුරය) 067-2260222 යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.

පොලිසිය විසින් හෙළි කර ඇති සැකකරුගේ විස්තර:

* නම: අහමදු ලෙබ්බේ මුහම්දු අස්ලම්

* වයස: අවුරුදු 47

* ජාතික හැඳුනුම්පත් අංකය: 197933200159

* ලිපිනය: අංක 478/ඒ1, අලීම් පාර, සයින්දමරුදු 16