නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව, පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මෙම නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී පළමු ශ්‍රේණියෙන් ආරම්භ වූ අතර, 2027 වර්ෂයේදී දෙවන සහ හයවන ශ්‍රේණි සඳහාත්, 2028 වර්ෂයේදී තුන්වන සහ හත්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එසේම, 2029 වර්ෂයේදී හතරවන, අටවන සහ දහවන ශ්‍රේණි සඳහාත්, 2030 වර්ෂයේදී පස්වන, නවවන සහ එකොළොස්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතයි.
එසේම ජ්‍යෙෂ්ඨ ද්විතීයික ශ්‍රේණි සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2031 වර්ෂයේදී දොළොස්වන ශ්‍රේණියට හඳුන්වාදීමට නියමිත අතර, එම විෂය නිර්දේශය හදාරන සිසුන් පළමු වරට 2033 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
නව විෂයමාලා හඳුන්වාදීමේදී 2027 වර්ෂයේදී 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2028 වර්ෂයේදී 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2029 වර්ෂයේදී 5 ශ්‍රේණිය සඳහා ද පැරණි විෂයමාලාව ක්‍රියාත්මක වන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අදාළ වසරවල විෂයමාලා හඳුන්වාදීමේ සැලැස්ම සැලකිල්ලට ගනිමින් පාසල් කාලසටහන් සකස් කළ යුතු බවට උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



















