පාර්ලිමේන්තුව අද (03) පැවැත්වෙන අතර, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව විපක්ෂ නායකවරයා විසින් ප්රශ්න කිරීමෙන් පසුව මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විපක්ෂ මන්ත්රීවරු සභා ගර්භයේ විරෝධතාවක නිරත වී සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.



