Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියා විරහිතයි.

00:03 : ඔලුව දන්නේ නෑ අත් දෙක කරන දේ, අත් දෙක දන්නේ නෑ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ නෑ හදවතේ තියෙන දේ...!

00:07 : කිසිම සම්බන්ධීකරණයක් නෑ. මේක වැඩ බැරි ආණ්ඩුවක්, මේක අසාර්ථක ආණ්ඩුවක්!

00:11 : මේ ආණ්ඩුව මේ රටේ ජනතාවට කරන්න පුළුවන් බොරු ටික ඔක්කොම කියලා, කරන්න පුළුවන් උපරිම රැවටිලි ටික කරලා -

00:17 : මේ මොහොත වන විට මේ රටේ ලක්ෂ 220 ක් පොදු මහජනතාව අද ඔක්කොමගේම ජන ජීවිත හිතාමතාම කඩා වට්ටලා තියෙනවා.

00:24 : දේශපාලන අයිතිවාසිකම්, කතා කිරීමේ නිදහස, රැස්වීමක් පැවැත්වීමේ නිදහස, මහපාරේ උද්ඝෝෂණක් පැවැත්වීමේ නිදහස, පාද යාත්‍රාවක් පැවැත්වීමේ නිදහස -

00:32 : මේ ඔක්කොම බිඳ දමන්න, මේ ඔක්කොම කුඩුපට්ටම් කරන්නට මේ රජය අණපනත් ගේනවා.

00:38 : ඒගොල්ලෝ කියපු බොරු තුළ, ඒ බොරුව ක්‍රියාත්මක කරන්න බැරිව, අද තප්පරයෙන් තප්පරය, මොහොතින් මොහොත මේ රජයේ ජනප්‍රියතාවය පහළ බහිනවා

00:46 : මේ ජනප්‍රියතාවය අඩුවීම තුළ, පවතින අනුර කුමාර දිසානායක රජය ජනතාවගෙන් ආරක්ෂා වන්නට මේ මර්ධනකාරී ප්‍රතිපත්ති, නීති රීති, අණපනත් ගෙනෙන්නට කටයුතු කරනවා.