Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක සංචාරක ආදායමක් උපයා ගැනීම සහ සංචාරකයන් මිලියන 5 ක් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සංගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව, සීගිරිය සහ යාපනය යන ප්‍රදේශ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුකර තිබෙනවා. 

එමෙන්ම, නව ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 10 ක් මේ වසරේදී ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් කෙරුණු අතර, එම සංඛ්‍යාව 50 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

මෙරට සංචාරක කර්මාන්තය විධිමත් කිරීමේ අරමුණින් සියලුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් සපයන ස්ථාන සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරමින් අදාළ නීති පද්ධතියට අනුගත කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙන අතර, නියමිත නිත්‍යානුකූල ක්‍රියා පටිපාටියට පටහැනිව විදේශිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි පැනවීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.