ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන්, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.






