අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 109කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් පවුල් 5,696කට අයත් පුද්ගලයන් 21,218 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි නවතම වාර්තාව නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මෙම ආපදා තත්ත්වය හමුවේ එක් මරණයක් වාර්තා වී ඇති අතර, තවත් පුද්ගලයින් 05 දෙනෙක් ද තුවාල ලබා ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
මීට අමතරව නිවාස 02 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර, තවත් නිවාස 462කට අර්ධ හානි සිදුව ඇති බවත්, පවුල් 173 කට අයත් පුද්ගලයන් 539 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අදාළ වාර්තාව පහතින්.




