අධික වර්ෂාපතනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි ස්වයංක්රීය වාන් දොරටු දෙකක් අද (27) විවෘත වී තිබෙනවා.
වාන් දොරටු විවෘත වීමත් සමඟ තත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට නිකුත් කෙරෙන බවයි මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.



