Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින Arnab ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී, ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීම නිසා මෙම අනතුරු ඇඟවීමේ රතු නිවේදනය නිකුත් කර තිබෙනවා.

උතුරු අක්ෂාංශ 10° - 20° සහ නැගෙනහිර දේශාංශ 80° - 95° අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන් වළකින ලෙසත්, එම ප්‍රදේශවල සිටී නම් ආරක්ෂිත ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසත් බහුදින ධීවර යාත්‍රාවලින් ඉල්ලා සිටිනවා.

එසේම කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට, පොතුවිල්, මඩකලපුව හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළ‍ඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.